ජපන් රජු රජකම අතහරින බව කියයි

August 8, 2016

ජපන් අධිරාජයා වසර පහකට පසු එරට ජනතාව අමතමින් තමා රජකම අත්හර දැමීමට සූදානම් යැයි අද (8) කීවේය. ජපන් අධිරාජයා වන අකිහිතෝ මෙලෙස රූපවාහිනියේ පෙනි සිටින්නේ දෙවැනි වරටය. අකිහිතෝ අධිරාජයා පළමුවරට ජපාන වැසියන් ඇමතුවේ 2011 වසරේ දී එරටට බලපෑ දරුණු භූමිකම්පාවෙන් හා සුනාමියෙන් පසුවය.

රජකම අත්හැරීමට ජපාන ව්‍යවස්ථාවෙන් අවසරයක් දී නැති බවත් ජපාන ව්‍යවස්ථාවට අනුව අධිරාජයාට කිසිදු දේශපාලන බලයක් නොමැති අතර රජකම අත්හැර යෑම දේශපාලනයට පිවිසීමක් ලෙස සැලකෙන බවත් ඒ අනුව නව නීතියක් සැකැසෙණු ඇති බවත් ජපාන මාධ්‍ය වාර්තා කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p