වැට් පනත 11නෑ…

August 8, 2016

ආණ්ඩුව ගෙන ආ වැට් පනත් කෙටුම්පත වෙනුවට නියමිත ක්‍රමවේදයන්ට අනුව සකස් කළ නව වැට් පනත් කෙටුම්පතක් හෙට (09දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව  වාර්තා වේ.

මීට පෙර ඉදිරිපත් කළ වැට් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය හේතුවෙන් මෙලෙස නව වැට් පනත් කෙටුම්පතක් සකස් කර නිවැරදි කාර්ය පටිපාටියට අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

ඒ අනුව කැබින්ට් මණ්ඩලය තුළ එය සම්මත වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, එළඹෙන 11 වැනිදා නියමිත පරිදි වැට් විවාදය නොපැවැත්වීමටද ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තා වේ.

එමෙන්ම වැට් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංශෝධන අද (08දා) පස්වරුවේ මුදල් අමාත්‍යවරයාට බාරදීමට නියමිත අතර, මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමගද සාකච්ඡා කිරීමට නියමිතය.

වැට් පනත් කෙටුම්පත සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය ලබන 11 වැනිදා පැවැත්වීමට මීට පෙර ආණ්ඩුව තීරණය කර තිබූ අතර, පසුව එය දින දෙකක විවාදයක් බවට පත්කර තිබිණි.

නමුත් නව තත්ත්වයට අනුව බොහෝ දුරට ලබන 11 වැනිදා වැට් පනත් කෙටුම්පත සම්බන්ධ පාර්ලිමේන්තුවේ දෙවැනි වර කියැවීමේ විවාදය නොපැවැත්වීමටද ඉඩ තිබේ.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p