පාද යාත්‍රාවේ ගිය කුඩා දරුවා ගැන පරීක්ෂණ අරඹයි

August 5, 2016

ඒකාබද්ධ විපක්ෂය විසින් පසුගියදා දියත් කළ ‘ජන සටන’ පාද යාත්‍රාව අතරතුර කුඩා දරුවෙකු ලවා දේශපාලන සටන්පාඨ කියවීම සම්බන්ධයෙන්, ඊට විරෝධය පළකරමින් මහජන අයිතීන් සුරැකීමේ පදනම විසින් ජාතික ළමාරක්ෂණ අධිකාරියට පැමිණිල්ලක් ගොනු තිබූ අතර ඒ සම්බන්ධයෙන් වන පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර තිබේ.

පාද යාත්‍රාවට මෙම කුඩා දරුවා යොදාගැනීම සම්බන්ධයෙන් පසුගිය දිනවල මාධ්‍ය සාකච්ඡාවලදී පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසක් අදහස් දැක්වීය.

ජාතික ළමාරක්ෂණ අධිකාරියේ සභාපති නටාෂා බාලේන්ද්‍ර මහත්මිය ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියාසිටියේ කුඩා ළමයෙකු දේශපාලන කටයුතුවලට යොදාගැනීම සම්බන්ධයෙන් ළමාරක්ෂළු අධිකාරිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදුකරන බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p