එකම පවුලේ 7කට මරණ දඬුවම

August 5, 2016

පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධ චෝදනාවලට වරදකරු වූ එකම පවුලේ ඥාතීන් 07 දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ.

නුවරඑළිය මහාධිකරණයේ විභාග වූ නඩුවකට අදාළව අද එම තීන්දුව ලබා දුන් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

විත්තිකරුවන් 2000 වසරේ ජුලි මාසයේදී නුවරඑළිය වෙන්චර් වතුයායේ පදිංචි පුද්ගලයෙකුට පහරදී ඝාතනය කිරිමේ චෝදනාවලට වැරදිකරුවන් ලෙස දීර්ඝ නඩු විභාගයකදී ඔප්පු වී තිබේ.

නුවරඑළිය මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා විසින් විත්තිකරුවන්ට දඩයක් ද නියම කර ඇත

Sammy

Previous story Next story

Leave a comment

t

o

p