මද්‍යසාර පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය

August 4, 2016

මද්‍යසාර පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීමේ ජාතික මද්‍යසාර සමුළුව 2016 අද (04) කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාපරිශ්‍රයේ දී සිදු කෙරෙන බව බව ජාතික දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පවසයි.

මද්‍යසාර පිළිබඳ ජාතික සමුළුව පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී ඊයේ (03) සහභාගී වෙමින් වෛද්‍ය පාලිත අබේකෝන් මහතා මේ බව පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මාධ්‍ය හමුව පැවැත්විණි.

”මතින් නිදහස් ශ්‍රී ලංකාව” යන තේමාව යටතේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය ඒකකය සහ දුම්කොළ හ මද්‍යසාර පිළිබඳ ජාතිකඅධිකාරිය එක්ව සමුළුව සංවිධානය කරයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික සමුළුව පැවැත්වෙන අතර සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඇතුළු දෙස් විදෙස් අමුත්තන් රැසක් අවස්ථාවට සහභාගීවීමට නියමිතය.
දුම්කොළ හා මද්‍යසාර පිළිබඳව එකට ප්‍රතිපත්තියක් ගෙනා එකම රට ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකාවේ මද්‍යසාර භාවිතය (පිරිමි ) සියයට 35%ක් වෙනවා.මද්‍යසාර භාවිතය සියයට 75-80% %ක් පමණ භවිතා කරන්නේ නෑ. එය හොඳ දෙයක්.මෙය ආර්ථිකයට ඉතාවිශාල බලපෑමක් සිදු කරනවා. අපේ උත්සහාය මද්‍යසාර භාවිතය පාලනය කර ගැනීම යැයි වෛද්‍ය පාලිත අබේකෝන් මහතා මාධ්‍ය හමුවේදී අඳහස් දක්වමින් පැවසී ය.
ලොවපුරා මහජන සෞඛ්‍ය සංවර්ධනය සහ දිළිඳු බව දුරලීම අඩාල කරවන, මිනිසුන් රෝගී කරවන සාධක අතරින් එක් ප්‍රධානම සාධකයක් වන්නේ, මද්‍යසාර භවිතයයි. එය ලෙඩ රෝග 60ක ප්‍රධානතම හේතු සාධකය වන අතර තවත් රෝගී තත්ත්ව දෙසීයයය්ක් සෑදීමට දායක වේ. මද්‍යසාර භාවිතය බෝ නොවන රෝග ඇති කරන ප්‍රධාන හේතු සාධක අතරින් එකකි. එම නිසා මද්‍යසාර භාවිතය අවම කිරීම කාලීන අවශ්‍යතවයක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p