වැඩිහිටි සුරැකුම් සහකාරවරුන් පුහුණු කෙරේ

August 2, 2016

ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය හා අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරන ලද කමිටුව විසින් වැඩිහිටි සුරැකුම් සහකාරවරුන් පුහුණු කිරීමේ විෂය මාලාවක් සංවර්ධනය කර ඇත. මෙම මෙහෙයුම් ව්‍යාපෘතිය මගින්,

 

i)       නිශ්චිත ප්‍රමිතීන් අත්පත් කරගනු සඳහා ගුණාත්මක මට්ටමේ වැඩිහිටි සුරැකුම් සහකාරවරුන් පුහුණු කොට සැපයීම

ii)      වැඩිහිටි සුරැකුම් අවශ්‍යතා සපුරාලනු ලබන බවට සහතික වීම

iii)     වෘත්තීය මට්ටමේ, ආරක්ෂිත හා කාරුණික වැඩිහිටි සුරැකුම් සේවා සම්පාදකයන් ප්‍රවර්ධනය

iv)     දිවයින පුරා ගුණාත්මක භාවය සහතික කරන ලද, ප්‍රමිතිගත ක්‍රියාවලින් සහතික කිරීම

 

ඉලක්කගත කෙරේ.

 

විෂය මාලා සංවර්ධනය තුළ ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය, හෙල්ප්ඒජ් ආයතනය, කොළඹවිශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය, තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC), ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) හා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA)  යන ආයතනයන්හි  අදහස්ද ඇතුළත් කරන ලදී.

 

ආරම්භක වැඩසටහන පංති කාමර, භුමිකා රංගන හා ප්‍රායෝගික සීමාවාසිකත්ව වශයෙන් වූ පැය 112කින් සමන්විත වනු ඇත. අනාගතයේදී ශ්‍රී ලංකාව තුළ හා විදේශයන්හි ඉල්ලුමක් පවතින්නා වූ කුසලතාවයන් අත්පත් කරගැනීමට වැඩිහිටි සුරැකුම් සහකාරවරුනට හැකියාව ලබාදෙනු පිණිස වැඩසටහන ව්‍යුහගත හා ප්‍රගතිශීලි ආකාරයකින් මෙහෙයවනු ඇත. වැඩිදුර පුහුණුව හා ප්‍රායෝගික අත්දැකීම් මගින්, වඩා උසස් මට්ටමේ කුසලතා ද අත්කර ගැනීමට ඔවුන් වෙත අවස්ථාව සැලසෙනු ඇත.

 

භෞතික, මානසික, සමාජයීය හා ආධ්‍යාත්මක සාධකද ඇතුළත් විද්‍යාත්මක සුරැකුම්කරණ ප්‍රවේශයක් සහිත පුහුණු අත්පොතක් මගින් පුහුණුව සඳහා අවශ්‍ය සහාය සැලසෙනු ඇත. සුරැකුම්කරණ චක්‍රය තුළ  අංකිත තාක්ෂණය භාවිතයෙන් මිශ්‍ර ඉගෙනුම් ශිල්ප ක්‍රමද ඇතුළත්ව, පූර්ව තක්සේරුව, ගැටලු හඳුනා ගැනීම හා ප්‍රමුඛතාකරණය, අරමුණු හෝ ඉලක්ක පිහිටුවීම, ක්‍රියාකාරකම් මෙහෙයවීම හා ප්‍රතිඵල  තක්සේරුකරණයද ඇතුළත් වනු ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p