ඉන්දුනීසියාවේ දෙදින නිල සංචාරයක නිරතවන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇතුළු දූත පිරිස (01) දින පස්වරුවේ ජකර්තා නුවර සුකර්නෝ – හත්තා ඡාත්‍යන්තර ගුවන් තොටුපොළින් ඉන්දුනීසියාවට ළඟා වී තිබේ.
ජකර්තා නුවරට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබුවේ ඉන්දුනීසියාවේ වෙළෙඳ කටයුතු අමාත්‍ය එන්ගර්තියස්තෝ ලූකිතා (Enggartiasto Lukita) මහතා විසිනි.
එම අවස්ථාවට ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති දර්ශන එම්. පෙරේරා මහතා ප්‍රමඛ තානාපති කාර්යාලයීය නිලධරීහු ද එක්ව සිටියහ.
Leave a comment