අප්පච්චිලා පුතාලා අද පාද යාත්‍රා යනවා

July 30, 2016

“එදා උඩින්ගිය අප්පච්චිලා පුතාලා ඥාති  පරපුරටම දේව දඬුවමක් ලබාදීලා අද පාද යාත්‍රා යනවා” යැයි ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (30) හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ගිලන්රථ ලබාදීමේ උත්සවයක් සඳහා සහභාගි වෙමිනි.

අගමැති රනිල් වික්‍රමසිංහ  මැතිතුමාගේ ඉන්දියානු සංචාරයේදී ලංකාවේ ගිලන්රථ සේවාවක් ආරම්භ කිරීම සඳහා  ගිලන්රථ 108ක් ඉන්දීය රජය මගින් පළමු වටයට මෙරටට ලබා දුන්  අතර ඉන් ගිලන්රථ හයක් හම්බන්තොට දිස්ත්‍රිකයේ පොලිස් වසම් 06ක් සඳහා ලබාදීම ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වේදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් අද(30) සිදුකෙරිණි.

හම්බන්තොට දිස්ත්‍රික්ලේකම් කාර්යාලයේදී මෙම පරිත්‍යාගය සිදු කෙරුණු අතර මෙහිදී ,හම්බන්තොට, තංගල්ල, අම්බලන්තොට, බෙලිඅත්ත, කටුවන, වලස්මුල්ල, තිස්සමහාරාමය යන පොලිස් ස්ථාන මුල්කරගනිමින් මෙම පරිත්‍යාග සිදුකෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මෙසේ ද පැවසීය.

“මේ ගිලන්රථ පරිත්‍යාග කරනකොට මට මතක් වුණා. පසුගියදා මම රූපවාහිනියෙන් දැක්කා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නැවත වතාවක් මේ රටේ බලය ගන්න හොරු තක්කඩි මිනීමරුවෝ මංකොල්ලකාරයෝ සුදුවෑන්කාරයෝ ටිකක් ගිහින් හිටියා මම දැක්කා.නුවර ඉඳලා එන පළමු පාගමනේදීම මේ අය කළේ අහිංසක ලෙඩෙක් අරන් එන ගිලන් රථයකට ගහලා කුඩු කළා මේ පාගමන යන්නේ මේ අයට නැවත බලය ලබාදෙන්න ද කියලා මම අහනවා ඒ නිසා මම ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමට කියනවා ඔය පාද යාත්‍රා ඔය රෝදගමන් ගියාට ප්‍රශ්නයක් නෑ. කවදාවත් මේ අවුරුදු පහ ඇතුළත මේ ආණ්ඩුව වෙනස්කරන්න බෑ කියලා මං කියනවා.”

Sammy

Previous story Next story

Leave a comment

t

o

p