ත්‍රිකුණාමල වරාය සංවර්ධනය කරයි

July 30, 2016

ත්‍රිකුණාමලය වරාය සංවර්ධනයට සිංගප්පුරු සමාගමක් ඉදිරිපත් වී ඇතැයි පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.ස්වාභාවික වරායන් අතර ලොව දෙවැනි තැන හිමිවන්නේ ශ්‍රී ලංකාවේ නැ‍‍‍‍ෙඟනහිර පිහිටා තිබෙන ත්‍රිකුණාමලය වරායටයි. තාක්ෂණික වශයෙන් එය සංවර්ධනය සඳහා සිංගප්පූරුවේ සුප්‍රකට සැලසුම් ශිල්පියෙක්, ඉංජිනේරුවෙක්, උපදේශකවරයෙක් මෙන්ම සැලසුම් කළමණාකරුවකු ලෙස කටයුතු කරන සුභානා ජුරොන්ජ් (Subana Jurong) මහතා සම්බන්ධවී සිටී.

ඒ මහතාට වසර 40ක පමණ වරාය සංවර්ධන විෂය ක්ෂේත්‍රය පිළිබඳ අත්දැකීම් ඇතැයි සඳහන් වෙයි.

ත්‍රිකුණාමල වරායෙහි මුළු භූමි ප්‍රමාණය වන්නේ හෙක්ටයාර් 175 පමණය. මෙම අති විශාල භූමි ප්‍රමාණය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නඟාසිටුවීමට මහඟු තෝතැන්නක් බව දකුණු ආසියා ඩයස්පෝරා සමුළුවේදී රනිල් වික්‍රමසිංහ මහතාද ප්‍රකාශ කර තිබේ.

අද වන විට මෙම ත්‍රිකුණාමලය වරායෙහි සෑම වසරකදීම නාවික යාත්‍රා 7,000කට අධික ප්‍රමාණයක් ද නැංගුරම් ලෑම සඳහා දොඹකර 23ක් පමණ ද යොදා ගනු ලබයි. පයිනමැක්ස් වලින් නිර්මිත දොඹකර මෙන්ම ජංගම දොඹකර මඟින් ද වරායෙහි කටයුතු මැනවින් ඉටු කර ගත හැකි ක්‍රමවේදයක් ඉදිරියේදී සිදු කිරීමට නියමිතය. සුභානා ජුරොන්ජ් (Subana Jurong) මහතාගේ අදහස නම් මුම්බායි නගරයේ සංවර්ධන සංකල්පයටය අනුකූලව මෙම ත්‍රිකුණාමල වරායෙහි නවීකරණ සංකල්පය ගොඩනැගීමටයි.

මෙම සංවර්ධන ව්‍යාපෘතිය මඟින් වරායක් උපරිම සංවර්ධනයක් කරා යොමු කිරීමට අපේක්ෂා කෙරේ. එය දකුණු ඉන්දියාවේ මෙන් කාර්ය බහුල නැව් හුවමාරු ක්‍රමයක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බව සඳහන් වේ. ත්‍රීකුණාමලය සොඳුරු සුපසන් පරිසරයක් තුළ පිහිටා තිබෙන විශාල වරායකි. එම සංසිද්ධියම ලෝකයේ හොඳම වරාය එය බවට පත් කළ හැකි එකම මඟ ලෙස හඳුනාගෙන තිබේ.

ස්වාභාවික භූමි ලක්ෂණත් මූලික කොට ගෙන මුළු භූමි ප්‍රමාණයෙන් මීටර් 25ක දුරකට සෑහෙන පරිදි නැව් 18,000ක් ත්‍රිකුණාමල වරායට ලබා දීම නුදුරු දිනයකදීම සිදු කිරීමට පියවර ගෙන ඇත. විධිමත් ලෙස නැවකින් නැවකට භාණ්ඩ ප්‍රවාහනය කරමින් ලාංකීය වාණිජ කර්මාන්තය වැඩි දියුණු කිරීම මෙන් ම ඉන්දියාවේ පිහිටා තිබෙන චෙන්නායි, එන්නෝරි, පරාදීප්, කල්කටා සහ චිත්තාගොත් හරහා බංගලාදේශයට ගමන් කළ හැකි ආකාරයට ලාංකේය නැව් ගමන් මාර්ග සංවර්ධනය කිරීම මෙහි තවත් අරමුණකි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p