පාද යාත්‍රාවෙන් ආණ්ඩුවට ගොඩ වෙන්න හදන මහින්දගේ 11

July 30, 2016

ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද රාජපක්ෂ පාර්ශවය සමග මෙතෙක් ඉතා සමීපව ගනුදෙනු කල ප්‍රභල මන්ත්‍රී වරුන් 11 දෙනෙක් ආණ්ඩුවට සම්බන්ධ වීමට සාකච්ඡා කරමින් හිදින බව වාර්තා වේ.
මේ සාකච්ඡා ආණ්ඩුව පැත්තෙන් සම්බන්ධීකරණය කරනු ලබන්නේ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙද කටයුතු ඇමති මලික් සමරවික්‍රමය.
මේ පිළිබදව සාකච්චා වට කීපයක් ඉතා රහසිගතව ස්ථාන කීපයකදී පවත්වා තිබේ. තවමත් එම කටයුතු පමා වෙමින් ඇත්තේ මහින්ද හැරදා එන මේ කණ්ඩායමට ආණ්ඩුව පාර්ශවයෙන් ලබා දෙන වරප්‍රසාද හා අමාත්‍ය ධූර පිළිබද එකගතාවයකට පැමිණීමට නොහැකිවීම හේතුවෙන් බව කියැවේ.

කෙසේ වෙතත් මේ පිළිබද එකගතාවයකට පැමිණි වහාම අදාල මන්ත්‍රීවරුන් 11 දෙනා මහින්ද අත්හැර පැමිණ ආණ්ඩුවට එක්වීමට නියමිතව ඇත.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p