කැංගරුවන්ට 268ක අභියෝගයක්

July 30, 2016

ඔස්ට්‍රේලියාවට ලකුණු 268ක ජයග්‍රාහි ඉලක්කයක් ලබාදෙමින් ශ්‍රී ලංකා දෙවන ඉනිම මීට ටික වේලාවකට පෙර අවසන් විය.

පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරඟයේ වැඩි වාසි අත්කර ගැනීමට ශ්‍රී ලංකාව ඒ අනූව සමත්ව තිබේ.

ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලබාගත් ලකුණු 117 ලබාගත් අතර ඔස්ට්‍රේලියාව පිළිතුරු ලෙස ලකුණු 203ක් ලබා ගත්තේය.

නැවත ශ්‍රී ලංකාව ලකුණු 353ක් ලබාගත් අතර එම ඉනිමේ ජීවගුණය රැඳවූ කුසල් මෙන්ඩිස් ලකුණු 176ක් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 42ක්, ධනංජය ද සිල්වා ලකුණු 36ක්, රංගන හේරත් අවසන් මොහොතේ වේගවත් ලකුණු 35ක් වශයෙන් ලකුණු ලබාගත්හ.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p