රාජ්‍ය ආයතන විකුණා ගන්න මුදල් රාජපක්ෂගේ ණය ගෙවන්න අරගනී

July 29, 2016

කොටස් වෙළෙද පොළේ විකිණිමට අපේක්ෂා කරන උපාය මාර්ගික නොවන ආයතන හතෙන් ලැබෙන සියලූම මුදල් ඉකුත් රාජපක්ෂ රජය සමයේ ගත් ණය ගෙවිම වෙනුවෙන් වෙන් කිරිමට රජය තීරණය කර ඇත.
එලෙස කොටස් වෙළෙද පොලේ අලෙවි කිරිම සඳහා උපාය මාර්ගික නොවන ආයතන 07 ක් හදුනාගෙන ගෙන ඇති අතර ඉදිරියේදි මෙම ආයතනයන්හි කොටස් විකුණිමට නියමිතය.
හිල්ටන් හෝටල් සමූහය, ලංකා හොස්පිටල්ස් සමාගම හා හයට් රිජන්සි ඇතුළු ආයතන 7 ක කොටස් මෙලෙස විකිණිමට තිරණය කර ඇති අතර එමගින් ඩොලර් මිලියන 500 – 600 ත් අතර මුදලක් උපයා ගැනීමට රජය අපේක්ෂා කරයි.
රාජපක්ෂ පාලන සමයේ ගත් ණය ගෙවා දැමීමට ඉහත ආයතන 7 විකිණීමෙන් ලැබෙන මුළු ආදායමම යෙදවිමට සිදුව ඇති බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p