ඡන්දහිමි නාම ලේඛන ප්‍රතිශෝධනය සඳහා විකල්ප වැඩසටහන් ක්‍රියාත්මක කරනවා

July 28, 2016

ගංවතුරෙන් හා නාය යෑම්වලින් ජනතාව අවතැන්වූ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 09 ක ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන අයදුම්පත් එකතු කිරිමේ ප්‍රමාදයක් පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.
එම නිසා මෙම ප්‍රදේශයන්හි ඡන්දහිමි නාම ලේඛන ප්‍රතිශෝධනය සඳහා විකල්ප වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට අපේක්ෂා කරනා බවද රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ අද (28) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කීවේය.
එය එසේවුවද අනෙකුත් ප්‍රදේශවල ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන අයදුම්පත් එකතු කිරිම ලබන 07 දා දක්වා ග්‍රාම නිලධාරින් විසින් කරනා බවද පෙන්වා දුන් ඒ මහතා අයදුම්පත්‍ර භාර ගැනිමට එතෙක් කිසිදු නිලධාරියෙකු නොපැමිණිය හොත් සෘජුව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත භාරදිය හැකි බවද පෙන්වා දුන්නේය.
එසේම ප්‍රතිශෝධන අයදුම් පත්‍ර නොලැබුණ අයෙක් හිටියහොත් ඔවුන්ට මැතිවරණ වෙබ් අඩවියෙන් හෝ මැතිවරණ කාර්යාලයට පැමිණ එය ලබාගත හැකි බවද සභාපතිවරයා කීවේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p