සැත්කමෙන් මියගිය වෛද්‍යවරිය එලෙසින්ම මැරෙන බව කලින්ම කියලා

July 27, 2016

රූපලාවණ්‍ය මධ්‍යස්ථානයකදී එන්නතක් විස වීමෙන් මියගිය බොරැල්ල ළමා රෝහලේ වෛද්‍යවරිය මීට මාස දෙකකට පමණ පෙර දේහලක්ෂණ විද්‍යාඥ සමන් ජයතිලක මහතා හමුවූ අවස්තාවේදී ඇයට මහා විපතක් සිදුවීමට ඉඩ ඇති බව ජයතිලක මහතා කියා ඇති බව වාර්තා වේ.

මිය ගිය වෛද්‍ය පී . ඒ. ප්‍රියන්ගි මහත්මිය බොරැල්ලේ පිහිටි ජයතිලක මහතාගේ කාර්යාලයට ඇතුළු වීමට රැදී සිටියදී ඇයට පසුව අවස්ථාව ලබා ගැනීම සඳහා අසුන්ගෙන සිට ඇත්තේ රූපලාවණ්‍ය ශිල්පිනියකි.

එහිදී රූපලාවණ්‍ය ශිල්පිනිය හා කතාබහට වැටුණු වෛද්‍ය ප්‍රියන්ගි තමා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරියක බව හෙළිදරව් කොට තිබේ. පසුව ජයතිලක මහතා හමුවී පැමිණි වෛද්‍ය ප්‍රියන්ගි මහත්මිය රූපලාවණ්‍ය ශිල්පිනියට පවසා ඇත්තේ සමන් ජයතිලක මහතා තමන්හට පැවසුවේ ඉදිරියේ එන කාලය නරකම බවය. තමාට සැත්කමකට මුහුණ දීමට වන බවත් එය මහා විනාශයක් ගෙන දෙන සැත්කමක් බවත් කී ජයතිලක මහතා ජීවිත හානි ඇති බවද කියූ අතර, තමන් එම කියමන් විශ්වාස නොකරන බැව් කියමින් යන්නට ගොස් ඇත්තේ රූපලාවණ්‍ය ශිල්පිනිය අත තම තොරතුරු කාඩ්පතක් ද තබමිනි.

මේ සම්බන්ධයෙන් සමන් ජයතිලක මහතාගෙන් විමසූ අවස්ථාවේදී එම වෛද්‍යරියගේ මුහුණ, ඇස්, අත්ල බලා එම මහත්මියට සැත්කමක් මඟින් හෝ හදිසි අනතුරක් මඟින් ජීවිත හානියක් වීමට ඉඩ ඇති හෙයින් සැත්කම්වලදී ඉතාම පරෙස්ස්ම් වන ලෙසත් ඉදිරි කාලය පරෙස්සමෙන් කටයුතු කරන ලෙසත් තමා අවවාද කළ බව ජයතිලක මහතා කියයි.

කෙසේ වුවත් තමා ඇය වෛද්‍යරියක බව මුල් අවස්ථාවේ නොදැන සිටියත්, ඇය ඉතාම ඉහළට ඉගෙනගත් කෙනෙක් බවත්, කිසිදු කෙනෙකුගේ කීමක් ගණන් නොගන්නා කෙනෙකු බවත් ඇයට කී බව ජයතිලක මහතා වැඩිදුරටත් කීවේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p