‘WhatsApp’ පහසුකම් මේ වසරේ පමණයි

July 27, 2016

වර්තමානයේදී පණිවුඩ හුවමාරුව සඳහා බොහෝ දෙනා වැඩි වශයෙන් යොදා ගන්නා උපාංගයක් වන වට්ස්අප් (WhatsApp) මෙම වසර අවසානයේදී ඇතැම් ජංගම දුරකතන තුළින් ලබා දෙන සේවාව නවතා දැමීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අනුව මෙම වසරේ දෙසැම්බර් මස (31දා) දිනෙන් පසු Black Berry, Including Black Berry 10, Nokia S40, Nokia Symbian S60, Android 2.1 and Android 2.2, Windows Phone 7.1 සහ iphone 3GS/ios 6 යන දුරකතවල වට්ස්අප් (WhatsApp) ක්‍රියාකාරිත්වය අත්හිටුවන බවට බලධාරීන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. පසුගිය පෙබරවාරි මාසයේදී වට්ස්අප් (WhatsApp) සමාගම මේ සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබුණද එහි ක්‍රියාකාරිත්වය ස්ථිර ලෙස අත්හිටුවන දිනයක් සඳහන් කර නොමැත.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p