රාජ්‍ය නොවන සංවිධානවලට තවත් නීති

July 25, 2016

ක්ෂුද්‍ර මුල්‍ය හා ක්ෂුද්‍ර ණය සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානයන්හි තොරතුරු ලබන 29 දාට පෙර ලබා දෙන ලෙස දන්වා රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
ක්ෂුද්‍ර මුල්‍ය රාජ්‍ය නොවන සංවිධාන සහ ක්ෂුද්‍ර ණය පිළිබද රාජ්‍ය නොවන සංවිධාන පිළිබද විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ආර්ථික කළමණාකරණය පිළිබඳ කැබිනට් අනු කමිටුවේ ජාතික මෙහෙයුම් මැදිරියේදී පසුගිය 22 දා පවත්වා ඇති අතර එහිදි මෙලෙස තොරතුරු කැදවිමට තීරණය කර තිබේ.
රාජ්‍ය නොවන සංවිධාන පිළිබද ජාතික ලේකම් කාර්යාලය විසින් මෙම රාජ්‍ය නොවන සංවිධානවල තොරතුරු ජුලි 29 දින වන විට කැඳවමින් චක්‍රලේඛණයක් මේ වන විට නිකුත් කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය සමඟ මෙම විධිවිධාන වලට අදාල රෙගුලාසි අගෝස්තු 30 වනදා වන විට කෙටුම්පත් කිරීමට නියමිතය.
මීට සමගාමීව මානව සම්පත ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය විසින් පුහුණු වැඩසටහන් ආරම්භ කර ඇත. රාජ්‍ය නොවන සංවිධාන සදහා බලපත්‍ර ලබා ගැනීමට ක්ෂුද්‍ර මුල්‍ය පනත මගින් සහන කාල සීමාවක් නියම කර ඇතත් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් නිම කිරීමට පියවර ගනු ඇත.
රාජ්‍ය නොවන සංවිධාන පිළිබද ජාතික ලේකම් කාර්යාලය විසින් ක්ෂුද්‍ර මුල්‍ය කටයුතුවල නියැලෙන රාජ්‍ය නොවන සංවිධාන අගෝස්තු මාසය ඇතුලත කැඳවා මේ විෂය සම්බන්ධව අදහස් හුවමාරු කර ගැනිමට වැඩමුළු පැවැත්වීමට බලාපොරොත්තු වෙන බව රජය නිවේදනය කරයි.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p