රනිල් යළිත් මව් රටට

July 20, 2016

සිංගප්පූරුවේ නිල සංචාරයක නිතර වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (19) රාත්‍රියේ යළි දිවයිනට පැමිණියේය.
තෙදින නිල සංචාරයක් සඳහා ඉකුත් 17 දා පෙරවරුවේ මෙරටින් පිටත්ව ගිය අග්‍රාමාත්‍යවරයා සාර්ථක නිල සංචාරයකින් පසු යළිත් මෙරටට පැමිණියේය. නිල සංචාරය තුළ අග්‍රාමාත්‍යවරයා සිංගප්පූරු ජනාධිපති ටෝනි ටැන් කෙං යැම් (Tony Tan Keng Yam) මහතා සිංගපූරු සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ෂීයැන් ලූං (Lee Hsien Loong) මහතා ද හමු වි සාකච්ඡා කළහ.
මෙම සංචාරයේදි ආර්ථික හා වෙළෙඳ ගිවිසුම් පහකට අත්සන් තැබිනි. මෙම දූත පිරිසට අග්‍රාමාත්‍ය බිරිද මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය, විදේශ ඇමති මංගල සමරවිර, ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙද ඇමති මලික් සමරවික්‍රම, අධිකරණ හා බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමති සාරති දුෂ්‍යමන්ත මිත්‍රපාල යන මහත්වරුන් එක්ව සිටියහ.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p