විගණකාධිපතිට ඈමතිවරුන්ගෙන් බාල්දියක්

July 18, 2016

පැවැති රාජපක්ෂ පාලන සමයේදී මහා පරිමාණයේ වංචා, දුෂණ, අක්‍රමිකතා සම්බන්ධයෙන් බරපතල චෝදනා එල්ල වී තිබෙන අමාත්‍යාංශවල විගණන කටයුතු මෙතෙක් කර නැති බවට රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කර තිබේ.
රජයේ ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරු විසින් මේ පැමිණිල්ල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කර ඇත්තේ මහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් රාජපක්ෂ පාලන සමයේ චෝදනා එල්ල වූ අමාත්‍යාංශවල නාම ලේඛනයද සමඟය.
යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් ඉහත අමාත්‍යාංශවල වංචා දුෂණ පිළිබඳ පරික්ෂණ පවත්වා චෝදනා එල්ලවූවන්ට දඩුවම් පමුණුවන බවට පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාත් රනිල් වික්‍රමසිංහ මහතාත් එදා ප්‍රති ඥා දී තිබිනි.
මහා පරිමාණ මහජන මුදල් අවභාවිතාවූ අමාත්‍යාංශවල විගණන කටයුතු නොකළද විගණකාධිපතිවරයා විසින් 2015 න් පසුව ඇති කළ අමාත්‍යාංශ රැසක විගණන කටයුතු කඩිනමින් කර ඇති බවද අමාත්‍යවරු ඉහත පැමිණිල්ල කරමින් අග්‍රාමාත්‍යවරයා වෙත කරුණු දක්වා තිබේ.
මහජන මුදල් අවභාවිතා කළ බවට චෝදනා එල්ල වූ 2014 ට පෙර ඇති කළ ආර්ථික කටයුතු, නිවාස, ඉදිකිරිම් හා ඉංජිනේරුසේවා, සමුපකාර හා අභ්‍යන්තර වෙළෙද, විදේශ කටයුතු , ප්‍රවාහන, ඉඩම්, විදුලි බල හා බල ශක්ති, තරුණ කටයුතු, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන, කී්‍රඩා, දේශිය වෛද්‍ය යන අමාත්‍යාංශවල විගණන කටයුතු සම්පූර්න කර නැති බවටද අමාත්‍යවරු පිරිස පෙන්වා දි ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ නිල සංචාරය නිමවා දිවයිනට පැමිණිමෙන් පසුව මෙම අමාත්‍යාංශයන්ගේ විගණන කටයුතු අවසන් නොකිරිම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ඇතුළු ඉහළ නිලධාරින්ගෙන් කරුණු විමසිමට නියමිතය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p