හබරාදූවේ මාරක රිය අනතුර

July 18, 2016

මාතර කොළඹ ප්‍ර‍ධාන මාර්ගයේ හබරාදූව කහවැන්නාගම හංදිය ආසන්නයේදී ත්‍රිරෝද රථයක් හා පුද්ගලික බස්රථයක් මුහුනට මුහුණ ගැටිමෙන් සිදුවු මාරක රිය අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් එකම පවුලේ දෙදෙනෙකු ඇතුලු තිදෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර ත්‍රිරෝද රථයේ ගිය තවත් තරුණයෙක් බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය රොහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

කොළඹ සිට මාතරට ධාවනය වු පුද්ගලික බස්රථයක් ඒ දෙසින්ම ගිය ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේදී මාතර දෙස සිට පැමිනී ත්‍රිරෝද රථයයේ මුහුනට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් එකම පවුලේ දෙදෙනකු ඇතුලු තිදෙමෙකු එම ස්ථානයේදී මියගොස් ඇත.

ත්‍රිරොද රථයේ ගමන් ගත් තවත් තරුණයෙකු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. ඊයේ රාත්‍රී 10.15ට පමන මෙම අනතුර සිදුව ඇත. මෙම අනතුරින් මියගොස් ඇත්තේ ගාල්ල බූස්ස රිල්ලබ ප්‍රදේෂයේ පදිංචි තරුණයින් තිදෙනෙකි.

මොවුන් තිදෙනා ඊයේ රාත්‍රී සහොදරයකුගෙ නිවසේ පැවති උපන්දින සාදයකට සහභාගී නිවසට යමින් සිටින අතරතුර මෙම අනතුරට මුහුණ දී ඇත. මෙම තිදෙනෙම සංචාරක මග පෙන්වන්නම් ලෙස රැකියාව කරයි.

මෙම අනතුරට හේතුව බස්රථයේ රියදුරුගේ නොසැලකිල්ල බවයි හබරාදූව පොලීසිය පැවසුවේ.

Bus-3-256x180

Sammy

Previous story Next story

Leave a comment

t

o

p