යුධ අපරාධ පරීක්ෂණ සඳහා විශේෂ අධිකරණයක් අවශ්‍යයි

July 17, 2016

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනාවන්ට අනුව යුධ අපරාධ සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ ඉතා සංකීර්ණ වනු ඇති බව ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා කම්කරු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ටොම් මැලිනොව්ස්කි පවසා තිබේ.
කෙසේ වෙතත් එහි විශ්වාසය ගොඩනැගීම සඳහා විදෙස් උපදෙස් අත්‍යවශ්‍ය බව ඔහු පවසා ඇත.

අමෙරිකාව ප්‍රමුඛ රටවල් විසින් ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කර ගත් යෝජනාව සම්පුර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම පියවර වැදගත් වනු ඇති බව ද ඔහු පවසා තිබේ.

රොයිටර් පුවත් සේවය සමග පැවැති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.

පසුගිය කාලය තුළ මෙරට අධිකරණ පද්ධතිය පිළිබඳ විශ්වාසය අඩුවී ඇති බව පවසන සහකාර රාජ්‍ය ලේකම්වරයා පෙන්වා දෙන්නේ පරීක්ෂණ සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවිය යුතු බවයි.

මෙම අධිකරණය පිහිටුවීම සංකීර්ණ කාර්යයක් වුවද ජනතාව තුළ විශ්වාසය ඇති කිරීම සඳහා එය පිහිටවිය යුතු බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p