පකිස්ථානය ඉදිරියෙන්

July 16, 2016

සංචාරක පකිස්ථාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි පකිස්ථාන කණ්ඩායම එක් කඩුල්ලක් බිඳවැටී ලකුණු 40ක් ලබා සිටියි.

නෙදැවී පන්දුවට පහර දෙන ශාන් මසුඩ් ලකුණු 20ක් සහ අසාර් අලි ලකුණු 17ක් ලබා සිටියි.

මෙම තරගයේ පකිස්ථාන කණ්ඩායම සියලු ක්‍රීඩකයින් දැවි ලකුණු 339ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායමට සියලු ක්‍රීඩකයින් දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 272ක් පමණි.

ඒ අනුව මේ වන විට පකිස්ථාන කණ්ඩායම එංගලන්ත කණ්ඩායමට වඩා ලකුණු 107ක් ඉදිරියෙන් පසුවෙයි.

 

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p