බාල ඉන්ධන හරවා යවලා

July 16, 2016

මෙරටට ආනයනය කරන ලද ගුවන් යානා සඳහා භාවිතා කරන ඉන්ධන තොගයක් නිසි ප්‍රමිතියට නොමැතිවීම හේතුවෙන් නැවත හරවා යැවූ බව ඛණිජ තෙල් සහ පෙට්ට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
ගුවන් යානා සඳහා භාවිතා කරන ඉන්ධන ඇතුළත් බාහලුම් ටැංකි 07ක් මෙරටට ගෙන්වා තිබූ අතර ඒවා පරීක්ෂා කිරිමේදී නිසි ප්‍රමිතියට නොතිබූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත්  මේ හේතුවෙන් ගුවන් යානා ඉන්ධන හිගයක් ඇති නොවන බව ද අමාත්‍යවරයා පවසයි.

ගාල්ල ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා මේ බව සඳහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p