යුධ අපරාධ ගැන කියන්න ශිවාජිලිංගම් ජිනීවා යයි

June 6, 2016

යුද්ධය පැවති සමයේ සිදුවූ බව කියන යුධ අපරාධ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ජීනිවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කරන බව දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරය ජුනි 13 වැනිදා සිට ජුලි පළමු වැනිදා දක්වා ජීනිවා නුවර දි පැවැත්වෙයි.

අදාළ සැසිවාරය අතර තුර තම ඉල්ලීම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව එම්.කේ.ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා පවසයි.

ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා සමග උතුරු පළාත් සභා මන්ත්‍රී ආනන්දි ශෂිදරන් මහත්මිය ද ජීනිවා මානව හිමිකම් කවුන්සිලය බලා පිටත්ව යාමට නියමිත බව සඳහන්ය.

මෙරට සිදුවූ බව කියන යුධ අපරාධ සම්බන්ධයෙන් විදෙස් විනිසුරුවන්ගේ සහභාගීත්වයෙන් මෙරට තුළ පරීක්ෂණයක් පැවැත්වීමට මානව හිමිකම් කවුන්සිලය කළ යෝජනාව සඳහා ශ්‍රී ලංකා රජය එකඟතාව පළ කළ ද මෙතෙක් එය ක්‍රියාත්මක කර නොමැති බව ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p