ජාතික ආරක්ෂාවට තඹ ශතයක හානියක් කරන්නේ නැහැ

March 3, 2016

රට සංවර්ධනය කිරීමේදී ජාතික ආරක්ෂාවට කිසිදු ආකාරයේ හානියක් නොකරන බව  වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඔහු පවසන්නේ ආයෝජකයින් පැමිණෙන්නේ සිංග්පූරුවෙන්ද චීනයෙන්ද ජපානයෙන්ද ඉතියෝපියාවෙන්ද කියන කරුණ වැදගත් නොවන බවයි.

ආයෝජකයින් කවුරු වුණත් ඔවුන්ට අවස්ථාව ලබා දීමේදී එකී ආයෝජන රටේ නීතියට අනුකූලද යන්න අනිවාර්යෙන්ම සෙවිය යුතු බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියයි. එතුමා

ඔහු මේ බව කියා සිටියේ අද (03) ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල ශ‍්‍රවණාගාරයේ පැවති රැස්වීමකට සහභාගි වෙමිනි.

අද ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල ශ‍්‍රවණාගාරයේ පැවති රැස්වීමේ අරමුණ වූයේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ත‍්‍රිකුණාමලය ඉඩම්හි පවතින ගැටළු සාකච්ඡා කිරීමයි. මෙම සාකච්ඡාවට විපක්ෂ නායක ආර්. සම්බන්ධන්  ඇතුළුව මහජන නියෝජතයින්ද රාජ්‍ය ආයතන රැසක නිලධාරීන්ද සහභාගි වූහ.

එහිදී අවධානයට යොමු වූ මූලික කරුණ වූයේ දැනට ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ති‍්‍රකුණාමලය ප‍්‍රදේශයේ ඉඩම්වල කාලාන්තරයක් තිස්සේ පදිංචිව සිටින ජනතාවට ඉඩම් අයිතිය ලබා දීමයි. එම අයිතිය ලබා දීමේදී ජනතාවටත් ප‍්‍රදේශයේ සංවර්ධනයටත් හානියක් නොවන අයුරින් එය සිදු කිරීමේ වැදගත්කමද විපක්ෂනායක ආර්. සම්පන්දන් මහතා පෙන්වා දී ඇතැයි සඳහන්ය.

“ඕනෑම ව්‍යාපෘතියක් ක‍්‍රියා කළ යුත්තේ රජයේ ප‍්‍රතිපත්තියක් මතයි. තනි තනි පුද්ගලයින්ගේ අවශ්‍යතා මත රජය කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කරන්නේ නැහැ. රටේ සංවර්ධනය සඳහා විදේශ ආයෝජන අත්‍යවශ්‍යයි. විදේශ ආයෝජන අපිට නතර කරන්න බැහැ. 1980 දශකයේදී සිංගප්පූරුව තමන්ගේ සංවර්ධන ව්‍යාපෘති දියත් කළේ විදේශ ආයෝජනවලින්. නමුත් ශ‍්‍රී ලංකාව එදා විදේශ ආයෝජන කෙරෙහි අවධානය යොමු කළේ නැහැ. ඒ නිසා සිංගප්පූරුව දියුණු වුණා. අපිට සංවර්ධනය වෙන්න බැරි වුණා. මෙයින් පාඩමක් ඉගෙන ගෙන දැන් අපි ජාතික ආරක්ෂාව හා ජාතික ආර්ථිකයට හානි නොවන විදේශ ආයෝජන සඳහා මේ රටේ ඉඩ ලබා දිය යුතුයි. අපි පරණතාලේ කතා කියමින් සිටිය යුතු නැහැ……” යනුවෙන්ද විපක්ෂනායකවරයා පවසා ඇත.

එම රැස්වීමේදී කරුණු දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසා ඇත්තේ විපක්ෂනායකතුමා ඇතුළු සියලුදෙනාගේ අපේක්ෂාව සියලුදෙනා ශ‍්‍රී ලාංකික යන පදනම මත රට සංවර්ධනය කිරීම වන බවයි.

“අද ජාතික ආණ්ඩුව සංවර්ධන වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරමින සිටිනවා. එය නිවැරදිද වැරදිද කියලා මහජනතාව තීරණය කරයි. නමුත් මම වගකීමෙන් කියනවා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා රටේ ආරක්ෂාවට තර්ජනය වන කිසිම දෙයක් කරන්නේ නැහැ. විපක්ෂනායක ආර්. සම්බන්ධන් මැතිතුමා ඇතුළු අපි සියලූ දෙනාම එතැන සිටිනවා. අයෝජකයෝ එන්නේ රටේ තියෙන නීතියත් එක්ක. නමුත් කවුරුත් අමතක කරන්න එපා පසුගිය කාලේ රටේ නීතියක් තිබ්බේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. එන එන අයෝජකයින්ට එක එක තැනින් දුන්නා. එහෙම දීලා තමයි අපි හිරවෙලා තියෙන්නේ. හම්බන්තොට ගිහිල්ලා බලන්න. ඒකපාර්ශ්වික යෝජනා කියලා එනවා ඒවට අවස්ථාව දීලා තියෙනවා. නමුත් අද අපි එහෙම කරන්නේ නැහැ. රටේ නීතිය අනුව ආයෝජකයින්ට මේ රටට එන්න පුළුවන්. ආයෝජකයෝ කවදාවත් නාවික හමුදා කඳවුරකට යන්නේ නැහැ. යුද්ධ හමුදා කඳවුරකට යන්නෙත් නැහැ. ගුවන් හමුදා කඳවුරකට යන්නෙත් නැහැ. එහෙම යන්න මම ඉඩ දෙන්නෙත් නැහැ. මගේ වරායට ඇතුළට ආයෝජකයෙක් එනවා නම් මම ඉඩ දෙන්නෙත් රටේ නීතිය අනුව. පසුගියකාලේ මේ නීතිය තිබුණේ නැහැ. ඒකනේ සමහර අයට එල්ලුම් ගස් යන්න වෙලා තියෙන්නේ.”

Sammy

Previous story Next story

Leave a comment

t

o

p