තොන්ඩමන් අද උසාවි යයි

March 2, 2016

හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ(01) දින කැදවූ නඩුවකට නොපැමිණිම හේතුවෙන් වරෙන්තු මත සිටි ලංකා කම්කරු කොංග්‍රස‍යේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඌව පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා අද (02) මෝසමක් ඉදිරිපත් කරමින් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබේ.

මෙහිදි  හැටන් දිසාවිනිසුරු හා මහේස්ත්‍රාත් ප්‍රසාද් ලියනගේ මහතා විවෘත අධිකරණයේදී පවසා සිටියේ අධිකරණයට නොපැමිණිමට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන්නේ නම් එය රජයේ පිළිගත් වෛද්‍යවරයෙකු විසින් ඉදිරිපත් කළ වෛද්‍යවාර්තාවක් වියයුතු බවයි.

නැවතත් මෙම නඩුව සැප්තැම්බර් මස 6 වැනි දින කැදවීමට නියමිත බැවින් එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

1840477039175662455760-L

Sammy

Previous story Next story

Leave a comment

t

o

p