මැතිවරණ වෙත එල්ලවිය හැකි විදෙස් බලපෑම් ගැන පුටින්ගෙන් අනතුරු හැගවීමක්

February 28, 2016

එළඹෙන සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන රුසියානු පාර්ලිමේන්තු මැතිවරණ විදෙස් සතුරන්ගේ ඉලක්කයක් බවට පත්ව ඇති බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු හගවා ඇත.

ඔහු පවසා ඇත්තේ රුසියානු ආරක්‍ෂක අංශ මෙම බලපෑම් පරාජය කිරීම සඳහා සූදානම් වී සිටිය යුතු බවයි.

විදේශයක සිට රුසියානු දේශපාලන ක‍්‍රියාවලීන්ට මැදිහත්වීම රටේ ස්වෛරීත්වයට එල්ල වන සෘජු තර්ජනයක් ලෙස සැලකිය යුතු බව පුටින්ගේ අදහසයි.

එවැනි ක‍්‍රමවේදයන් රටවල් ගණනාවක් තුළ අත්හදා බලා ඇති බවද ඔහු පවසා තිබේ.  රුසියානු සමාජය බිඳ හෙලීම සඳහා ජාතිකවාදී, වර්ගවාදී හා අන්තවාදී තේමා පාඨ ගෙන එන පුද්ගලයන්ගේ ක‍්‍රියාකාරකම් අඩපණ කිරීම සඳහා රුසියානු රහස් ඔත්තු සේවය ක‍්‍රියා කළ යුතු බවද පුටින් සඳහන් කර ඇත.

රුසියානු ෆෙඩරේෂණය තුළ විදෙස් බුද්ධි අංශ ක‍්‍රියාකාරීත්වය පසුගිය කාලසීමාව තුළ වේගයෙන් ඉහළ ගොස් ඇති බවත් පසුගිය වසරේ පමණක් විදෙස් ඒජන්තයින් 400කගේ පමණ ක‍්‍රියාකාරීත්වය බිඳ හෙළුෑ බවත් රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

රුසියාව පුරා පැවැත්වෙන ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය දේශපාලන පක්‍ෂ ලියාපදිංචිය පිළිබඳව පැවති නීති ලිහිල් කිරීමෙන් පසු පැවැත්වෙන පළමු මැතිවරණයයි.

එමෙන්ම විදෙස් ආධාර ලැබීම රුසියානු දේශපාලන පක්‍ෂවලට තහනම් කළ විදෙස් ඒජන්ත පණත බලාත්මක කිරීමෙන් පසු පවත්වන පළමු මැතිවරණයද මෙයයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p