පිල්ලෙයාන් යළිත් රක්ෂිතයට

February 24, 2016

නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මාර්තු මස 9 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මඩකළපුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජ සිංහම්ගේ ඝාතනය සම්බන්ධයෙන් පිල්ලෙයාන් පසුගිය වසරේ ඔක්තෝබර් මස 09 වන දින කොළඹ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදී පිල්ලෙයාන් මඩකළපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු එහිදී රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණි.

මේ අතර ඔහුගේ ඇප අයදුම ද මාර්තු මස 18 වැනිදා සලකා බැලීමට මඩකළපුව මහාධිකරණ විනිසුරු චන්ද්‍රමනී ශීවපාදම් නියෝග කළ බව අප වාර්තාකරු පැවසීය.

සැකකරු මඩකළපුව මහාධිකරණයට අද ඉදිරිපත් කළ අවස්ථ‍ාවේදී මෙම නියෝගය දී තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p