ඥාණසාර හිමි නිදහස් කරගැනීමට බදුර්දීන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරවිය යුතුයි..

February 13, 2016

ඥාණසාර හිමි නිදහස් කරගැනීමට බදුර්දීන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරවිය යුතු බව හෙල බොදු සවිය සංවිධානය පවසයි.

එම සංවිධානයේ මහ ලේකම් සමීර චන්ද්‍රසිරි මහතා විසින් මේ බව පවසමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

විල්පත්තුව වනසමින් රටේ පාරිසරික අන පනත් අමු අමුවේ නොතකා දමමින් කටයුතු කරමින් සිටින, අධිකරණයට ගල් ගැසීමට මුස්ලිම් ජනතාව උසි ගැන්වූ රිෂාඞ් බදුර්දීන්ට එරෙහිව කි‍්‍රයාත්මක නොවන නීතිය රටේ බුද්ධ පුත‍්‍රයන්ට එරෙහිව කි‍්‍රයාත්මක වෙමින් ඇත. ඥාණසාර හිමියන් රටේ පවතින නීතිය ප‍්‍රකාරව රිමාන්ඞ් භාරයට පත්කර ඇති නිසා ඒ පිළිබඳ කිසිවක් නොකියමි. නමුත් නීතිය සැමට සමාන විය යුතුය යන පොදු මූලධර්මය නොතකමින් කටයුතු කරන පොලීසියක් නීති පද්ධතියක් රටකට අවශ්‍යයද යන ගැටළුව මහ ජනයාගේ සිත් සතන් තුල ඇතිවීම වළකනු නොහැක.

අප පසුගිය මැතිවරණයේදී මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් උර දුන් අය වූවද ඔහුට හෝ යහපාලන ආණ්ඩුවට සහය දැක්වූයේ බෞද්ධ විරෝධී පාලනයක් ඇති කිරීමට නොවේ. මෛතී‍්‍ර පිලට එල්ලවූ බෞද්ධ විරෝධී කොටි හිතවාදී චෝදනාවන්ගේදී ඔවුන් ඉන් මුදාගත්තේ අප වැනි දෑ හිතකාමී බලවේග විසින් බව සිහිපත් කර දිය යුතුය. නමුත් මොවුන් විසින් 2002-2004 සමයේ එක්සත් ජාතික පක්ෂය විසින් සිදුකරගෙන ගිය පර ගැති පිළිවෙත නැවත ඉටුකරගෙන යන බවට ඉ`ගි ඔවුන් විසින්ම සිදුකරගෙන යමින් ඇත. ජාතික ගීය දෙමළ බසින් ගයමින් ජාතික සංහිදියාව වෙනුවට තම පැවැත්ම වෙනුවෙන් බෙදුම්වාදය වපුරන තත්වයකට යහපාලන ආණ්ඩුව කටයුතු කිරීම නින්දිතය.

භික්ෂු අන පනත් ගෙනෙන බව පෙන්වමින්, බුද්ධ පුත‍්‍රයින් සිර ගත කරමින් සිංහලයින්ගේ ඇස් වලට වැලි ගසමින් මොවුන් කූඨ ලෙස බෙදුම්වාදයන් නැවත බිහි කිරීමට අවශ්‍ය පසුබිම සකසමින් සිටී. මෙය පැහැදිළි ලෙසම කොලේ වසා ගැසීමකි. මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ප‍්‍රමුඛ බලවේගයන්ගේ පැවැත්ම රැකගැනීමට ඔවුන් විසින් ඊනියා සිංහල බෞද්ධ කමක් පෙන්වීමට කටයුතු කරන අතර රනිල් වික‍්‍රමසිංහ අගමැති ප‍්‍රමුඛ යහපාලකයින් විසින් සිය පැවැත්ම සහතික කරගැනීමට සුළු ජන කොටස් වල ආකර්ශණය දිනාගැනීමට සුපුරුදු බෙදුම්වාදී වීනාව වයමින් ඇත. මෙම දෙපිරිසම කරන්නේ තමන්ගේ පැවැත්මට අවශ්‍ය කරන නාඩගම් ර`ග දැක්වීමකි. මේ තුල විනාශයෙන් විනාශයට පත්වන්නේ ලෝකයේ පුංචි දූපතක් සිය නිජ බිම කරගත් අවිහිංසා වාදී සිංහලයන් බව කිසිවෙකුටත් නොතේරීම සෝචනීය කරුණකි.

ඥාණසාර හිමියන් යනු මේ රටේ ස්වෛරීත්වය රැුකීම වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කල මහ ථෙරුන් වහන්සේ නමකි. උන්වහන්සේ විසින් යම් දේශපාලකයෙකුට සහය දැක්වීම මත හෝ යම් දේශපාලන පිලක් නියෝජනය කිරීම මත උන්වහන්සේ රට දැය වෙනුවෙන් කල අපරිමිත කැපකිරීම් නොතකා හරින්නට හැකිද? එමෙන්ම සන්ධ්‍යා එක්නැළිගොඩට තර්ජනය කල බවට ඥාණසාර හිමියන්ට විරුද්ධව කි‍්‍රයාත්මක වන නීතිය, රජයේ හමුදා රසායනික අවි භාවිත කර උතුරේ ජන සංහාරයක් කල බවට චෝදනා කරමින් රාජ්‍ය විරෝධී කි‍්‍රයාවන් වල නිරත සන්ධ්‍යා එක්නැළිගොඩට එරෙහිව කි‍්‍රයාත්මක නොවන්නේ මන්ද? ඇය නියෝජනය කරන පිල යහපාලනයට සහය දැක්වූවන්ගේ පිල වන නිසාද?

ඇතැම් විට විසෙන් විස නැසීමට සිදුවේ. යහපාලන ආණ්ඩුව බුද්ධ පුත‍්‍රයින්ට එරෙහිව භාවිත කරන විස නීතිය නම් අප කල යුත්තේ නීතිය නැමති විස යහපාලන කල්ලි කණ්ඩායම් වෙත එල්ල කිරීමයි. උදාහරණ ලෙස රිෂාඞ් බදුර්දීන්, සන්ධ්‍යා එක්නැළිගොඩ වැනි අය රටේ පවතින නීතිය තුලින්ම සිර භාරයට, අත් අඩංගුවට ගැනීමට තරම් නීතිය හමුවේ ඔප්පු කල හැකි නීති විරෝධී රාජ්‍ය නිරෝධී කි‍්‍රයාවන් තිබියදී අප නීතියට අභියෝග කරන්නට යාම කෙතරම් දුරට ප‍්‍රඥා ගෝචරද? ඥාණසාර හිමියන් සිරගත කල යහපාලකයින්ට, බෞද්ධ විරෝධීන්ට අප නීතියෙන්ම පිළිතුරු දිය යුතුය. සිංහ සෙයියාව එයයි. එසේ කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවන්නේ නම් අපගේ අදහස් පිළිගන්නා අය අපට නීතිඥ සහය සහ පහසුකම් ලබා දෙන්නේ නම් ඒ වෙනුවෙන් ඉදිරිපත් වීමට හෙළවිජය ජාතික ව්‍යාපාරය පසුබට නොවන බව දැනුම් දෙනු කැමැත්තෙමි.

සමීර චන්ද්‍රසිරි – මහ ලේකම්
හෙළ විජය ජාතික ව්‍යාපාරය

Sammy

Previous story Next story

Leave a comment

t

o

p