තලතා 21ක 40 කරයි

January 22, 2016

මැදපෙරදිග ගෘහ සේවය සඳහා යන කාන්තාවන්ට විගමනික පුහුණුව ලබා දෙන කාලය  දින 40 ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

විදේශ  රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය විසින් මෙම තීරණය ගෙන ඇති බව එම කාර්යාංශය සඳහන් කළේය.

මැදපෙරදිග ගෘහ සේවය සඳහා පළමු වරට පිටත්ව යන කාන්තාවන්ට දින 21ක පුහුණුවක් ලබාදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය මීට පෙර පියවර ගෙන තිබුණි.

වෘත්තිය නිපුණතාවය, කුසලතා වැඩිදියුණු කිරීම, සන්නිවේදන හැකියාව ඇතුළු විෂයන් රැසක් මෙම පුහුණුවේදී ලබා දෙන අතර දින 40 ක් දක්වා කාලය දීර්ඝ කිරීම මගින් මෙම පුහුණුව තවදුරටත් ගුණාත්මක කිරීමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p