හිරුණිකා ඇපමත නිදහස්වෙයි

January 9, 2016

අත්අඩංගුවට  ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය  අධිකරණය විසින් ඇපමත නිදහස් කර තිබේ.

අද පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් විසින් ඇයගේ නිවසේදී මන්ත්‍රීවරිය අත්අඩංගුවට ගෙන මූලික ප්‍රශ්න කිරිම්වලින් අනතුරුව අලුත් කඩේ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත නිදහස් කිරීමට නියෝග කරන ලදී.

දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු පැහැරගෙනයාමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරිය අත්අඩංගුවට ගත් බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා  මීට පෙර සඳහන් කළේය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අයත් ඩිෆෙන්ඩර් රථයකින් අදාල තරුණයා පැහැරගෙන ගොස් තිබූ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මිට පෙර හිරුණිකා ප්‍රේමවචන්ද්‍ර මහත්මියගේ සහයකයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් ඇප මත මුදාහැරිමට අධිකරණය නියෝග කරන ලදි.

කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගැනිමේ හැකියාව පිළිබඳ නීතිපතිවරයාගෙන් කරුණු විමසීමක් ද සිදු කර තිබුණි.

ඒ අනුව නීතිපතිවරයා අද පෙරවරුවේ දැනුම්දී තිබුණේ අදාළ තරුණයා පැහැරගෙනයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමවචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගැනිමට හැකියාව පවතින බවයි.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරණ ලදී.

එහිදී අධිකරණය මගින් ඇයව ඇපමත නිදහස් කිරීමට නියෝග කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p