දරුවා පාසලට දමද්දී අල්ලස් ඉල්ලුවොත් කියන්න

December 21, 2015

තම දරුවා පාසලට ඇතුළත් කිරීමේදී රජයේ අනුමත ගාස්තුවලට වඩා වැඩි මුදලක්  කිසිදු විද්‍යාලයකට හෝ විදුහල්පතිවරයෙකුට ලබා නොදෙන ලෙස අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම මව්පියන්ගෙන් ඉල්ලීමක් කරයි.

නව වසර සදහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම සඳහා ඇතැම් විදුහල්පතිවරුන් අල්ලස් මුදල් ලබා ගන්නා බවට පසුගිය කාලවලදී තොරතුරු  වාර්තා වූ බව එම කොමිසම පැවසීය.

මිට අමතරව ඇතැම් මාපියන් තම දරුවා පාසලට ඇතුළත් කර ගැනීම සඳහා ඇතැම් අවස්ථාවල අල්ලස් ලබාදීමට උත්සහ කිරීමේ සිද්ධීන් ද වාර්තා වූ බව එම කොමිසම කීවේය.

මෙම තත්ත්වය තුළ අල්ලස් ලබාගැනීම් පිළිබඳව සිද්ධින් දෙමාපියන් විසින් තම කොමිසමට දැනුවත් කිරීමට මැලිකමක් දක්වන බව එම කොමිසම පැවසීය.

කෙසේ වෙතත් රජයේ අනුමත මුදල් ප්‍රමාණයන්ට වඩා වෙනත් කිසිදු මුදලක් විදුහල්පතිවරයෙකුට හෝ පාසලට ලබා නොදිය යුතු බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම කීවේය.

මීට අමතරව කිසියම් විදුහල්පතිවරයෙකු දරුවා පාසලට ඇතුළත් කිරීමට මුදල් ඉල්ලන්නේ නම් හෝ මව්පියන් මුදල් ලබාදීමට උත්සාහ කරන්නේ නම් ඒ පිළිබඳ කොමිසමට වහා දැනුම්දිය යුතු බව ද එම කොමිසම පැවසීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p