ලෝක සාමය වෙනුවෙන් සියළුම සහයෝගය ලබාදෙනවා

December 6, 2015

ලෝක සාමය වෙනුවෙන් සියළු සහයෝගය ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරසේන මහතා පවසයි.

අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සමස්ත න්‍යෂ්ටික අවිහරණ ප්‍රඥාප්ති සංවිධානයේ නියෝජිත පිරිසක් හමුවෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

පසුගිය 29 වනදා සිට දෙසැම්බර් 05 වන දින දක්වා දඹුල්ල ප්‍ර දේශයේ  හෝටලයකදී ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 13 ක සියයකට ආසන්න  නියෝජිතයින් පිරිසක් සදහා පුහුණු වැඩමුළුවක් පැවැත් වුණි.

ලෝකයේ කවර තැනක හෝ න්‍යෂ්ටික පිපිරවිම් නතර කිරිම අරමුණවන අතර ශ්‍රී ලංකාව ඇතුලු එක්සත් ජාතින්ගේ සංවිධානයේ රටවල් 185 ක් පමණ එම සංවිධානයේ සාමාජිකත්වය ලබා සිටියි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p