පෙරටුගාමීන්ට අගමැතිගෙන් පොරොන්දුවක්

December 6, 2015

කුමාර් ගුණරත්නම් මහතාගේ දේශපාලන අයිතීන් පිලිබඳ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ නියෝජිතයන් අතර පැවැත්වූ සාකච්ඡාවේදී කුමාර් ගුණරත්නම් මහතාගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සොයා බැලීමට අගමැතිවරයා පොරොන්දු වූ බව අද (04) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී දුමින්ද නාගමුව මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දුමින්ද නාගමුව මහතා පැවසුවේ ආණ්ඩුව සහ ආණ්ඩුවේ විවිධ නියෝජිතයන් කුමාර් ගුණරත්නම්ට පුරවැසි බාවය ලබාදීම සම්බන්ධ ගැටලුව නීතිමය ප්‍රශ්නයක් ලෙස ලඝු කිරීමට තැත් කළත් අධිකරණයට ගිය හැමවිටම මේ ප්‍රශ්නය විසඳිය හැක්කේ විධායකයට කියන කරුණ මතුවූ හෙයින් මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට විධායකය නියෝජනය කරන ජනාධිපතිවරයාගෙන් සග අග්‍රාමාත්‍යවරයා ගෙන් අවස්ථාවක් ඉල්ලු බවයි.

කුමාර් ගුණරත්නම්ගේ දේශපාලන ඉතිහාසය මෙන්ම රටින් පලායාමට සම්බන්ධ තොරතුරු, මේ වසරේ ජනවාරි මාසයේ ලංකාවට පැමිණීමෙන් පසු වීසා දීර්ඝ කරවාගැනීමට ඉල්ලීම සම්බන්ධ සහ අවස්ථා දෙකකදී මෙරට පුරවැසි බාවය ඉල්ලීම සම්බන්ධ ලිපි ලේඛන රැසක් තම පක්ෂය මගින් ඉදිරිපත් කළ අවස්ථාවේ කුමාර් ගුණරත්නම්ට පුරවැසිභාවය ඉල්ලුම් කරමින් නීතිපතිවරයාට ඉදිරිපත් කළ අයදුම්පත නැවත හරවා එවීම ඇතුළු සියලු කාරණා සලකා බලා යලිත් සාකච්ඡාවක් ලබාදෙන බව අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ නියෝජිතයින් පොරොන්දු වූ බවද දුමින්ද නාගමුව මහතා පැවසුවේය.

මෙම ප්‍රශ්නය තවමත් නොවිසුදුනු නිසා දැනට කුමාර් ගුණරත්නම් මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහි ක්‍රියාමාර්ග ඉදිරියටත් රැගෙන යන බව දුමින්ද නාගමුව මහතා පැවසීය.

එසේම මේ අයුරින් කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ ප්‍රශ්නය දුරදිග යැවීම පැහැදිළිවම දේශපාලන අවශ්‍යතාවයක් වන බවත් පුරවැසි පනතේ කොන්දේසි අනුව කුමාර් සහෝදරයාට පුරවැසිභාවය ලබාදීම සඳහා කිසිඳු බාධාවක් නොමැති බවද එහිදී ප්‍රකාශයට පත්විය.

මේ සාකච්ඡාව සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් චමීර කොස්වත්ත, සේනාධීර ගුණතිලක, දුමින්ද නාගමුව, රවීන්ද්‍ර මුදලිගේ, අජිත් කුමාර යන මහත්වරුන් සහ ආණ්ඩුව නියෝජනය කරමින් අගමැතිවරයා, විෂය බාර අමාත්‍ය එස් බී නාවින්න රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා විදේශ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා ආගමන විගමන පාලකවරයා ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.

peratugami111-4

Sammy

Previous story Next story

Leave a comment

t

o

p