සේයාගේ ඝාතනය – මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරියාගෙන් ප්‍රකාශ ගනියි

October 15, 2015

සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නිදහස් කළ 17 හැවිරිදි පාසල් සිසුවා සහ අනෙක් පුද්ගලයා සිදුකරණ ලද පැමිණිල්ලකට අදාළව මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එම්. එන්. රුහුල් හක් මහතාගෙන් ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේදී එම ප්‍රකාශ සටහන් කරගැනීම සිදුකෙරුණු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

17 හැවිරිදි පාසල් සිසුවා සහ අනෙක් පුද්ගලයා පොලිස්පතිවරයා  වෙත සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව ගම්පහ සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශන සිදුකරනු ලබයි.

ගම්පහ සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා විසින් අද පැය තුනක කාලයක් මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එම්.එන්.රුහුල් හක් මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

17 හැවිරිදි පාසල් සිසුවා සහ අනෙක් පුද්ගලයා  අත්අඩංගුවට ගෙන සිටියදී එම අවස්ථාවේ කොටදෙණියාව පොලීසිය බාරයේ සිටි වෙනත් සැකකරුවන්ගෙන් ද මීට පෙර ගම්පහ සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා විසින් ප්‍රකාශ සටහන් කරගත්තේය.

සාක්ෂි විමසීමේදී විශේෂ කරුණු රැසක් අනාවරණය වී ඇති බව ගම්පහ සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කර ඇති අතර විමර්ශන අවසන් වූ පසු එම වාර්තාව බස්නාහිර නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත බාරදීමට නියමිතය.

 

adaderana

Sammy

Previous story Next story

Leave a comment

t

o

p