ගීතා කුමාරසිංහට නොතිසී

September 28, 2015

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රී ලංකා – ස්විට්සර්ලන්ත ද්විත්ව පුරවැසිලාභියකු වන බැවින් එම ධුරයේ කටයුතු කිරිම නීති විරෝධී බවත් එහෙයින් ඇය ධූරයේ කටයුතු කිරීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගාල්ල දිස්ත්‍රික් ඡන්දදායකයන් 05දෙනකු ගොනු කළ පෙත්සමේ සියලු වගඋත්තරකරුවන්ට ඔක්තෝබර් 19 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් අභියාචනාධිකරණය අද(28) නොතීසි නිකුත් කෙළේය.

ඒ අනුව පෙත්සමේ වගඋත්තරකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා සමන්මලි කුමාරසිංහ, ආගමන විගමන පාලක ජනරාල්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ඇතුළු පිරිසට මෙදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වමින් නොතීසි නිකුත් කර ඇත.

අභියාචනාධිකරණ සභාපති විජිත් මළල්ගොඩ මහතා සහ එච්.සී.ජේ.මඩවල මහතා යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳැවිණි .

19වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිලාභීන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ හැකි ප්‍රතිපාදන ලබා දී නොමැති බවත් එසේම වගඋත්තරකාර ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මියම තමන් ද්විත්ව පුරවැසිලාභියෙක් බවට ඉකුත් වසරේ ඉංග්‍රීසි පුවත්පතක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇති බවත් පෙත්සම්කරුවන් සඳහන් කර තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p