සැකකාරියන් තිදෙනෙකු නිසා එස්.අයි හා සැරයන් ගෙදර යවයි

September 27, 2015

පානදුර දකුණ පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයෙකුගේ සහ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩතහනම් කර තිබේ.

බස් රථයක් තුළ දී රන් මාලයක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පානදුර දකුණ පොලීසියේ අත්අඩංගුවේ සිටියදී පළාගිය කාන්තාවන් තුන් දෙනෙකු සහ ඔවුන් සමඟ සිටි දරුවන් දෙදෙනෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙම කාන්තාවන් තුන්දෙනා අත්අඩංගුවෙන් පළා යාම සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිස් ස්ථානයේ එදින රාත්‍රියේ රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ උප සේවා සැරයන්වරයෙකුගේ සේවය අත්හිටුවීමට ද පානදුර කොට්ඨාශ භාර පොලිස් අධිකාරීවරයා කටයුතු කර ඇති බවයි.

පසුගිය 24 වනදා රාත්‍රියේ කොළඹ සිට පානදුර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් තුළදී රුපියල් එක්ලක්ෂ 85,000 ක් වටිනා රන් මාලයක් සොරාගත් බවට කාන්තාවක විසින් අදාළ කාන්තාවන්ට විරුද්ධව පොලිසියට පැමිණිලි කර ඇති අරත ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

පසුව පානදුර දකුණ පොලිසියේ රැඳී සිටියදී අදාළ කාන්තාවන් තුන් දෙනා සහ දරුවන් දෙදෙනා පොලිස් අත්අඩංගුවෙන් පළාගොස් තිබිණි.

ඒ අනුව බස්නාහිර -දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකරගේ උපදෙස් මත අදාළ සැකකාර කාන්තාවන් පොලිස් අත්අඩංගුවෙන් පළා යෑම පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක්ද යොදවා ඇති බව පොලිස් මාධ්‍ය  කාර්යාලය සඳහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p