පොලිසියේ නඩුව අත්හිටුවා සුජීවගේ පෙත්සම ඉදිරියට

September 16, 2015

ජාත්‍යන්තර වෙළෙඳ සබඳතා පිළිබඳ වත්මන් රාජ්‍ය අමාත්‍ය සූජීව සේනසිංහ මහතා විසින් මීට පෙර ඉදිරිපත් කර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරියට ගෙන යාමට කොළඹ මහාධිකරණය තීන්දු කර තිබේ.

පසුගිය මැතිවරණ සමයේ හෝමාගම ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරී කටයුතුවලට බාධා කළ බවට චෝදනා කරමින් සූජීව සේනසිංහ මහතාට එරෙහිව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරා තිබුණි.

අදාළ නඩුව මගින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව පවසමින් එය අත්හිටුවන ලෙස ඉල්ලා සූජීව සේනසිංහ මහතා විසින් කොළඹ මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබු අතර එය අද දින විභාගයට ගෙන තිබේ.

ඒ අනුව නඩුව අද කැඳවු අවස්ථාවේ හෝමාගම පොලීසිය විසින් ගොනුකළ නඩුව තවදුරටත් ඉදිරියට ගෙනයාම මහාධිකරණය විසින් අත්හිටුවා ඇති අතර සූජීව සේනසිංහ මහතා ඉදිරිපත් කළ පෙත්සම තවදුරටත් ඉදිරියට ගෙන යාමට මහාධිකරණය තීරණය කර ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p