පොලිසිය කොටදෙණියාවේ කාමාතුරයන් සොයයි

September 15, 2015

කොටදෙණියාව ප්‍රදේශයේදී සේයා නමැති පස්‌ හැවිරිදි දැරිය සාහසික අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන පොලිසිය එම ප්‍රදේශයේ සැරිසරණ විකෘති ආශාවන්ගෙන් පෙළෙන පුද්ගලයන් කීපදෙනකු සොයා පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

මෙම විකෘති ආශාවන්ගෙන් පෙළුණ එක්‌ පුද්ගලයකු මීට කලකට පෙර කොටදෙණියාව ප්‍රදේශයේ දැරියන් දෙදෙනකු පැහැරගෙන යැමේ සිද්ධියකට සම්බන්ධ වූවකු බවද පොලිසිය පවසයි.

සේයා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිසිවකු ඊයේ වනතුරුත් අත්අඩංගුවට ගෙන නොතිබිණි.

මේ සම්බන්ධයෙන් පුද්ගලයන් කීපදෙනකුගෙන් මේ වන විට ප්‍රශ්න කර කටඋත්තර ලබාගෙන තිබේ.

කොටදෙණියාව, දිවුලපිටිය සහ කටාන පොලිස්‌ ස්‌ථාන ඒකාබද්ධව මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර ඇත

Sammy

Previous story Next story

Leave a comment

t

o

p