ව්‍යවස්ථාදායක සභාවට ජවිපෙන් විජිත හේරත් නම් කරයි

September 10, 2015

පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා එම පක්‍ෂය මගින් නම් කර තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුවේ අගමැති හා විපක්‍ෂනායක නියෝජනය නොකරන පක්‍ෂයකින් ව්‍යවස්ථාදායක සභාව සදහා පත්වන නියෝජිතයා ලෙස විජිත හේරත් මහතා එය නියෝජනය කරනු ඇත.

මේ අතර ව්‍යවස්ථාදායක සභාවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නි‍යෝජිතයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාත් පත්කර තිබේ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනූව ව්‍යවස්ථාදායක සභාව නියෝජිතයින් 10 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඊට නිල බලයෙන් පත්වන්නේ කථානායක, අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයාවරයාය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p