තේරීපත් වූ මන්ත්‍රීවරුන් ද්විත්ව පුරවැසියෙකු වුවත් ඉවත් කළ ‍නොහැකියි – මැතිවරණ දෙපාර්තමේන්තුව

August 30, 2015

ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් වූවද පාර්ලිමේන්තුව සඳහා තේරිපත් වූ මන්ත්‍රීවරුන් ඉවත් කිරිමට මේවන විට හැකියාවක් මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවට නොමැති බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම් මොහොමඩ් මහතා පවසයි.

පාර්ලිමේන්තුට මන්ත්‍රිවරුන් පත් කිරිමේ සියළු කටයුතු මේවන විට අවසන් වී ඇති බවත් පාර්ලිමේන්තුවට තේරිපත් වූ මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් කර අවසන් බැවින් ඔවුන් සම්බන්ධයෙන් පියවර ගැනිමේ හැකියාවක් නොමැති බවත් අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා පැවසී ය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p