ප‍්‍රභාකරන් සිය දිවි නසාගත්තා

August 30, 2015

කොටි සංවිධානයේ නායක වේලූපිල්ලේ ප්‍රභාකරන් මෙරට හමුදා නිලධාරීන්ගේ භාරයට නොගත් බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරළිදරන් හෙවත් කරුණා අම්මාන් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, කොටි නායක ප්‍රභාකරන් සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගත් බවයි.

එහෙත්, ඔහුගේ බිරිය සහ දියණිය හමුදාව එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් මියගිය බව කරුණා අම්මාන් අවධාරණය කරයි.

ඔහු ඒ බව කියාසිටියේ, ඉන්දීය මාධ්‍යයක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

‘මෙරට සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් මේ වනවිට දේශීය පරීක්ෂණයක් සිදුකිරීමට අමෙරිකාව යෝජනා කර තිබෙනවා. නමුත් එවැනි දේශීය හෝ අන්තර්ජාතික පරීක්ෂණයක් දැන් පැවැත්වීම පදනම් විරහිතයි. පරීක්ෂණ කරන්නට තිබුණේ, යුද්ධය අවසන් වූ වකවානුවේදීයි. කෙසේ වෙතත්, යුද්ධය අවසන් වීමෙන් පසුව දෙමළ ජනතාවට බොහෝ ගැටලූ ඇති වුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන් කිරීමට කටයුතු කළත්, ඔහුගේ ආණ්ඩුව දෙමළ ජනතාව රැක බලා ගැනීමට කටයුතු කළේ නැහැ. මම සහ කොටි නායක ප්‍රභාකරන් අතරද දේශපාලන ගැටුම් ඇති වුණා. ඔහු වැනි ප්‍රබල නායකයෙකු කිසිදු අවස්ථාවක යුද්ධය අවසන් අදියරේදී යුද හමුදාවට භාරවී නැහැ. එවැනි කතාවක් පැතිර යාම ඔහුගේ ශ්‍රේෂ්ඨත්වයට කරනු ලබන අපහාසයක්’

යයිද පවසන ඔහු ප්‍රභාකරන්ගේ පුත් බාලචන්ද්‍රන් යුදහමුදා භාරයට ගැනුණද ඔහුගේ මරණය කෙසේ සිදුවූයේද යන්න තමන් නොදන්නා බවත් කියා සිටී.

කුමුදුනී විජේසිංහ
Singha FM

Sammy

Previous story Next story

Leave a comment

t

o

p