එජාප ඇමතිවරු හෙට දිවුරුම් දෙති

August 26, 2015

නව රජයේ ඇමති මණ්ඩලයට ඇතුලත් වන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පමණක් හෙට (27) දින දිවුරුම් දෙන බව එම පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ.

මෙම පිරිස හෙට දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව පැවසේ.

30කට අඩු එජාප මන්ත්‍රීවරු පිරිසක් කැබිනට් අමාත්‍යවරු ලෙස දිවුරුම් දීමට නියමිත බව යි සමරවික්‍රම මහතා ප්‍රකාශ කොට ඇත්තේ.

එජාප මන්ත්‍රීවරු පමණක් මෙසේ දිවුරුම් දීමට තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ලබා දෙන අමාත්‍ය ධූර පිළිබඳ තවමත් එකඟතාවකට පැමිණ නොසිටීම හේතුවෙනි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p