පොලිස් බලතල දෙන්න සලකා බලන්න සූදානම්

August 25, 2015

ස්වාධීන පොලිස් කොමිසමක් පත්කිරීමෙන් පසුව ජාතික ආරක්ෂාවට ගැටලූවක් නොවන ආකාරයට පළාත් සභා වෙත පොලිස් බලතල ලබාදීම පිළිබඳ පසුව සළකා බලන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

8 වැනි පාර්ලිමේන්තුවේ නව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩ භාරගැනීමෙන් දිනකට පසු ඊයේ ‘ද හින්දු’ පුවත්පතේ හිටපු ප‍්‍රධාන කර්තෘ එන්.රාම් වෙත ලබාදුන් සම්මුඛ සාකච්ඡවේදී පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කර ඇත.

ප‍්‍ර – අගමැතිතුමනි, දෙමළ ජනතාව දීර්ඝ කාලයක සිට පළාත් සභා වෙත ඉඩම් හා පොලිස් බලතල ලබාදෙන ලෙස අවධාරණය කරමින් සිටිනවා. මේ ගැටලුව විසඳන්න උත්සහ ගත් අවස්ථා තිබූ නමුත් කිසිවක් සිදුවූ බවක් පෙනෙන්නට නැහැ.

පි – මම හිතන්නේ බොහෝ දෙනෙක් තම ඉඩම්වල හිමිකාරිත්වය යළි ලැබීම සම්බන්ධයෙන් තෘප්තිමත්. උතුරු නැගෙනහිර ජනතාව නැවත පදිංචි කිරීමේදී යාපනය හා නැගෙනහිර ඇතැමුන් ඉඩම් බුක්තියෙන් ඉවත් කර තිබීමයි ගැටලූව වී ඇත්තේ. එ් ඉඩම් ගැටලූ දැනට නිරාකරණය වෙමින් ඔවුන්ගේ ඉඩම්වල ඔප්පු ලබාදීමේ කටයුතු සිදුවෙනවා. අපි කියන්නේ ජාතික ආරක්ෂාවට කිසිදු ගැටලූවක් නොවන පරිදි ඉඩම් නිදහස් කිරීමේ කටයුතු සිදුකරන බවයි. එහි ආරක්ෂක සේවා ආදිය අවශ්‍ය පරිදි සිදුකෙරෙනවා.

පොලිස් බලතල ලබාදීම සම්බන්ධයෙන් බලවත් සැළකිල්ලක් දැක්විය යුතු කාරණයක්. එය යළි යළිත් සිතාබැලිය යුතුයි. එය තමයි දැන් සිදුවන්නේ. පොලිසිය දේශපාලනීකරණය කිරීම අප කිසිසේත්ම අනුමත කරන්නේ නෑ. ස්වාධීන පොලිස් කොමිසමක් පත්කොට එය ශක්තිමත්ව පවත්වාගෙන යාමයි අපගේ මූලික අරමුණ. ඉන්පසුව අපිට පුළුවන් පළාත් සභාවල කාර්යභාරය පිළිබඳ සොයාබලන්න. දේශපාලනීකරණය වූ පොලිසිවල කි‍්‍රයාකලාපය ගැන අපිට අත්දැකීම් තිබෙනවා. එ් තුළ අපි වැඩ කරලා තිබෙනවා. අපි එකඟයි පළාත් සභා නීතිය සාමයට අනුව කටයුතු කරනවා නම්. එතැනින් ආපසු හැරෙන්න කටයුතු කරන්නේ නැතුව.

– රිවිර

Sammy

Previous story Next story

Leave a comment

t

o

p