යාපනය තත්ත්වය සාමකාමියි

August 10, 2015

මෙවර මහමැතිවරණයේදී යාපනයේ ජනතාවට කිසිදු බියකින් සැකයකින් තොරව තමන් කැමති නියෝජිතයා පාර්ලිමේන්තුවට තෝරා පත්කර යැවීමට අවස්ථාව උදාවී ඇති බව කැෆේ සංවිධානය කියයි.

එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා අද යාපනයේ පැවති මාධ්‍ය හමුවක දී මේ බව සඳහන් කළේය.

2008 සිට පසුගිය ජනවාරි 8 වනදා දක්වා පැවැත්වු සෑම මැතිවරණයකදීම ආරක්ෂක හමුදා සාමාජිකයින්, ඒ ඒ හමුදාවලට අයත් සම්පත්, සිවිල් ඇඳුමින් සැරසුණු හමුදා සෙබළුන්, මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වීම නිසා ඡන්දදායකයින් තුළ බිය ජනක තත්ත්වයක් ඇති කළ බව  තෙන්නකෝන් මහතා මෙහිදී කීය.

එමෙන්ම අංක තහඩු රහිත වාහන, ගරාජ් අංක සහිත වාහන   සහ නාදුනන කණ්ඩායම්  උතුරට ගොස් මැතිවරණ කටයුතු වලට සම්බන්ධ වීම නිසා ද මෙම බිය ජනක තත්ත්වය තවදුරටත්  වර්ධනය  බව කැෆේ සංවිධනයේ විධායක අධ්‍යක්ෂවරයා පෙන්වාදුන්නේය.

නමුත් මෙවර එවනි බියජනක තත්ත්වයක් උතුරේ නිර්මාණය කිරීමට කිසිදු පක්ෂයකට හෝ කණ්ඩායමකට නොහැකි වී ඇති බව කැෆේ විධායක අධ්‍යක්ෂ වරයා සඳහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p