අලුත්ගම, දර්ගා නගරයේ ආරක්ෂාව දැඩි වෙයි

August 9, 2015

බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ඡන්ද ප්‍රචාරක රැස්වීම් දෙකක් අලුත්ගම හා දර්ගා නගරයේ පැවැත්වීමට යාම නිසා අද (9) එම පෙදෙස්හි පොලිස් ආරක්ෂාව දැඩි කර ඇත.

අවට පොලිසි වලට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායේ කොමාන්ඩෝ භටයන්ද ජල ප්‍රහාරක රථ හා කැරළි මර්දන රථද සීරුවෙන් තබා ඇත. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු ඉහළ පෙලේ පොලිස් නිලධරයෝ පිරිසක්ද එහි යවනු ලැබ සිටිති.

DSCN0708 DSCN0709 11234972_1696095997288008_9140472265199734576_n

Sammy

Previous story Next story

Leave a comment

t

o

p