හිරුණිකා ඇතුලු සන්ධානේ 4කට මන්ත්‍රීකම් අහිමිවෙන ලකුණු

August 8, 2015

නියෝජ්‍ය ඇමැති සුරේෂ් වඩිවේල්, පලාත් සභා මන්ත්‍රීන් වන නිශාන්ත වර්ණසිංහ, නිරෝෂා අතුකෝරල සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ පක්ෂ සාමාජිකත්වය 07 සිට තහනම් කරන බව සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

 (07) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අනාවරණය කළේය.

ඒ බව දන්වා ඔවුන්ට ලේඛනගත තැපෑලෙන් ලිපි යවන බවත් මේ බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට ද දන්වන බවත් සන්ධාන මහ ලේකම්වරයා පැවසී ය.

නීත්‍යනුකූලවත්, සදාචාරය අනුවත් වර්ණසිංහ, අතුකෝරල සහ හිරුණිකාට පළාත් සභා මන්ත්‍රීකම් දැරිය නොහැකි බවත් මැතිවරණ කොමසාරිස් තීරණය අනුව ක්‍රියා කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p