ඊලඟ එජාප නව ආණ්ඩුවේ දක්ෂ ආරක්ෂක ඇමතිවරයෙක්

August 8, 2015

මැතිවරණයෙන් පසු බිහිවන එජාප නව ආණ්ඩුවේ දක්ෂ ආරක්ෂක ඇමතිවරයෙකු සිටින බවත් එනිසා කිසිවෙකු ආරක්ෂාව පිළිබඳ බියක් ඇතිකර නොගත යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අගමැතිවරයා මේ බව පැවසූයේ ඊයේ (06) කුරුණෑගල හිරිපිටිය නගරයේදී පැවති ජනහමුවකට එක්වෙමිනි.

එජාප ආණ්ඩුවකින් ත්‍රස්තවාදය යළි හිස ඔසවන බවට පළ වන වාර්තා පිළිබඳ අග්‍රාමාත්‍යවරයා පැවසූවේ ඒ පිළිබඳ බියක් සැකක් ඇති කර ගත යුතු නොමැති බවත් ඒ බිහිකරන ආණ්ඩුවේ දක්ෂ ආරක්ෂක ඇමතිවරයෙකු සිටින බවත්ය.

ඒ ආරක්ෂක ඇමතිවරයා වන්නේ වෙන කවුරුත් නොව රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවද අගමැතිවරයා සඳහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p