ලාංකික ගෘහ සේවිකාව සෞදියේ වෙන්දේසි වෙයි

August 4, 2015

සෞදි සේවා යෝජකයෙකු විසින් සිය නිවසේ සේවය කරන ලාංකික ගෘහ සේවිකාවක් අලෙවි කිරීම සඳහා  එරට තුල ක්‍රියාත්මක වන වෙන්දේසි වෙබ් අඩවියක දැන්වීමක් පල කර ඇත.

ඔහු විසින් පල කර ඇති වෙළඳ දැන්වීමේ සිය සේවිකාව දරුවන් සමඟ කටයුතු කිරීමට බොහෝ දක්ෂ බවත් අයගේ කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට තමුන්ට සිදුවී ඇති නමුත් තමුන්ට සෞදි රියාල් 25000 ලබා දෙන්නෙකුට අයව ලබා දෙන බවත් දක්වා ඇත.

කොන්ත්‍රාත්තුව අවසන් වීමෙන් පසු තම මව් රට බලා යාමට පෙර තව වසරක කාලයක් සේවයෙහි යෙදීමට ඇයට අවශ්‍ය බව පැවසු නිසා සුදුසු හාම්පුතෙකු  සොයා තමුන් මෙලෙස දැන්වීමක් පල කල බව ඔහු සෞදි මාධ්‍ය වෙත පවසා ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p