මහින්ද ජනතාවට විහිළු පොරොන්දු දෙනවා.

August 1, 2015

මැතිවරණයෙන් නියත වශයෙන්ම පරාජයට පත්වන බව දන්නා මහින්ද රාජපක්ෂ මහතා ජනතාවට විහිළු සහගත පොරොන්දු ලබාදෙමින්, ඡන්දදායකයා මුළාකර ඡන්දය ලබාගැනීමේ අසාර්ථක උත්සාහයක නිරතවෙමින් සිටින බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එළඹෙන මැතිවරණයෙන් තමන් නියත වශයෙන් පරාජයට පත්වන බව දන්නා අයෙකුට ඕනෑම මැතිවරණ පොරොන්දුවක් ලබාදිය හැකි බවත්, එයට හේතුවී තිබෙන්නේ එම පොරොන්දු ඉටුකිරීමට තමන්ට බලය නොලැබෙන බව හොඳාකාරවම දන්නා නිසා බවද එම නිවේදනයේ සඳහන් කර තිබේ.

නව රජයේ වැඩපිළිවෙළක් ලෙස මහපොළ ශිෂ්‍යාධාර රුපියල් 5000 ක් දක්වා ඉහළ දැමූවිට පරාජිත මහින්ද රාජපක්ෂ තමන් බලයට පැමිණියහොත් ශිෂ්‍යාධාරය රුපියල් 6000 ක් දක්වා වැඩිකිරීමට කටයුතු කරන බවට සඳහන් කරන බවත්, එහෙත් බලයේ සිටි වසර 10 ක කාලය තුළදී ඒ දේ සිදුනොකළේ ඇයිද යන්න ජනතාවට ප්‍රශ්නයක් ඇති වී තිබෙන බවත් එම නිවේදනයේ සඳහන් කර ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p