මැතිවරණ ප්‍රචාරක කටයුතු 14 මැදියම් රැයෙන් පෙර අවසන්

July 15, 2015

2015 අගෝස්තු 17වෙනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට සම්බන්ධ සියලුම ප්‍රචාරක කටයුතු ඡන්ද විමසීමට පැය 48කට පෙර එනම් 2015 අගෝස්තු 14 දින මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් කළ යුතු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙසේ නිහඩ කාල සීමාවක් ලබා දී ඇත්තේ, ඡන්ද දායකයාට තමා ලත් සියලු තොරතුරු පිළිබඳව හොඳින් සිතා බලා සුදුසු තීරණයක් ගැනීමට කාල වේලාව ලබා දීම සඳහා ය.

එබැවින් මෙම කාල සීමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මඟින් කිසිඳු දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන හෝ අගතියට පත්වන ආකාරයේ කිසිදු හෝ ප්‍රචාරණයක් සිදු කළ නොහැකිය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p